හැඳින්වීම

සර්වජන බලය යනු ශ්‍රී ලංකාවේ ජාතික ඒකාග්‍රතාවය ආරක්ෂා කිරීමට සහ පුරවැසි සතුට පෝෂණය කිරීම උදෙසා නැගී සිටි දේශපාලනික එකමුතුවකි.

ශ්‍රී ලංකාව මේ වන විට පැවැත්ම පිළිබඳ අර්බුදයකට මුහුණ පා සිටී. මෙම ගැටලුකාරී තත්ත්වය පැනනැගීමට හේතු වූයේ නීති සම්පාදකයින් දිගින් දිගටම දුර්වල තීරණ ගැනීම් මෙන්ම විදෙස් සිහින සහ ස්වකැමැත්තට ඉඩ දෙමින් ඒවා පසුපස හඹා යෑමයි. මෙ හේතුවෙන් ශ්‍රී ලාංකේය පුරවැසියන්ට නිරතුරුව තම සතුට අහිමි වී ඇත.

එය වෙනස් කිරීම අපේ ඉලක්කයයි.

අපගේ දැක්ම

සර්වජනයා හට ආඩම්බරය දැනෙන, දියුණු වෙමින් සතුටින් ජීවත් වන දැයක් බිහි කිරීමයි.

අපගේ මෙහෙයුම

සීමා අතික්‍රමණය කරමින් ලෝකයත් සමග උරෙනුර ගැටීමට අභිප්‍රේරණය කරමින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ව්‍යවසායකත්ව ජීවගුණය සහ නිර්මාණාත්මක තීක්ෂ්ණ බුද්ධිය දල්වාලීමට අපි කටයුතු කරන්නෙමු. අපේ සැලසුම, පොරොන්දු සහ න්‍යායයන්ගෙන් පමණක් පිරුණු සම්ප්‍රදායික දේශපාලන ප්‍රවේශය, උපායමාර්ගික ක්‍රමවේද සහ ප්‍රායෝගික ප්‍රතිඵලයන් වෙත සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටයි.

නවතම

පුවත්