කුමක්ද මේ
‘සර්වජන බලය’?

‘සර්වජන බලය’ යනු ශ්‍රී ලංකාවේ සර්වජනයාගේ ජාතිකවාදී එකඟතාව වෙනුවෙන් පෙනී සිටින නව්‍ය දේශපාලන එකමුතුවයි. එහි ආරම්භය 2024 මැයි 27 වන දින දේශපාලන පක්ෂ 7 ක් එකතු වී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් සනිටුහන් විය. ව්‍යවසායක නීතිඥ දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ආචාර්ය ජී වීරසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් යුතුකම ජාතික සංවිධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන නියෝජනය කරන ස්වාධීන මන්ත්‍රී සංසදය එම පක්ෂ යි,

දේශපාලන පක්ෂ සහ සංවිධාන

දිලිත් ජයවීර

ව්‍යවසායක

විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත්‍රී

උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී

වාසුදේව නානායක්කාර

පාර්ලිමේන්තු මන්ත්‍රී

ආචාර්ය ජී.වීරසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රී

ගෙවිඳු කුමාරතුංග

පාර්ලිමේන්තු මන්ත්‍රී

මහාචාර්ය චන්න ජයසුමන

පාර්ලිමේන්තු මන්ත්‍රී