>
සර්වජන බලය පක්ෂය වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. මම, මව්බිම ජනතා පක්ෂ නායක දිලිත්.
මා පැවත එන්නේ අඟුලුගහ ගම්මානයේ සිටයි. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති මනරම් හා සුන්දර වූ ගම්මානයකි.
වෙහෙසී වැඩ කිරීමේ සහ අධිෂ්ඨානශීලී බවේ වටිනාකම් අප ජීවිතවලට කාවැද්දූ කාර්යශූර රාජ්‍ය සේවකයෙකු වූ ගුණපාල ජයවීර සහ පාසල් ගුරුවරියක් වූ ධර්මා ජයවීර යන දෙමව්පියන්ට දාව ඉපදුණු දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා මම වෙමි.
සමානාත්මතාව, යුක්තිය සහ සාධාරණත්වය සැමට හිමි විය යුතු බවට මා තුළ ගැඹුරින් මුල් බැසගත් හැඟීම පැන නගින්නේ මගේ පියා සමඟ මා හට තිබූ සමීප සබඳතාව නිසයි, ඔහුගේ සමාජවාදී විශ්වාසයන් විසින් මා දියත් කරන සෑම කටයුත්තකදීම 'ලාභයෙන් එහා අරමුණක්' පිළිබඳ හැඟීම නිරන්තරයෙන් ප්‍රබෝධමත් කරයි.
කොළඹ විශ්වවිද්‍යාලයේදී මා හට මාගේ බිරිඳ නෙලුම් ගුණවර්ධන මුණගැසුණා, ඇයගේ නොවෙනස් ආදරය සහ සහයෝගය අප නිවසට සතුට හා තෘප්තිය ගෙන දුන්නා මෙන්ම ඉලක්කයන් කරා පියාසලන්නට මට සැමවිටම විශ්වාසනීය මඳ පවන වූයේ ඇයයි.
නීති පීඨයේ මගේ LLB උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු මට නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීමට කැඳවනු ලැබූවා. ඉන්පසු මා වේල්ස් විශ්ව විද්‍යාලයෙන් MBA උපාධිය සම්පූර්ණ කළා. එහෙත් සියල්ල අවසානයේදී මා සම්පූර්ණයෙන්ම වෙනස් මගකට අවතීර්ණ වූවා. මිනිසුන්ගේ ජීවිත සුබවාදී ලෙස වෙනස් කිරීමේ අවස්ථාවන් සෙවීමේ නොතිත් ආශාවකින් මා පෙළුණා. අභියෝගයන් හඹායෑමට මා හට ඇති උනන්දුව සම සමව තිබූ සගයන් දෙදෙනෙකු මට හමු වූ අතර, ශුන්‍ය ප්‍රාග්ධනයක් ද අසීමිත අධිෂ්ඨානයක් ද පෙරදැරිව අප ව්‍යවසායකත්වයේ පළමු පියවර පෙරට තැබුවෙමු. එසේ ඇරඹුණු ඒ හිතුවක්කාර තීරණය අද වන විට දැවැන්ත ආයතන ජාලයකට පරිවර්තනය වී ඇති අතර ශ්‍රී ලංකාවේ සාර්ථකම සමූහ ව්‍යාපාර ජාලයක් ලෙස සාඩම්බරයෙන් වැජඹෙන බව සතුටින් පවසමි.
අපගේ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය හරහා දේශපාලන සංස්ථාපිතය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම එක් අතකින් ගෞරවයක් මෙන්ම අනෙක් අතින් හිතට බරක් ද ගෙන දෙන කරුණක් වී ඇත - කෙසේ නමුත් එය සෑම විටම දෑස් විවර කරන තීරණයක්. එනමුත් මාගේ කනස්සල්ලට හේතුව නම් අප පාලනය කළ උදවිය අපගේ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ යථාර්ථයන්ගෙන්, ජනතාව සතු ව්‍යාපාරවලින් සහ ජනයාගේ දුෂ්කරතාවලින් විසන්ධි වී තිබීමයි.
ඔබත්, මමත්, අනෙක් සියලු ලාංකිකයන් මෙන්ම බොහෝ වෙහෙසී කටයුතු කරනවා. නමුත් අප සැමට බලපාන්නේ අප රජය විසින් ගනු ලබන තීරණ යි, ඒවා අපට ඉතා සුළු බලයක් පමණක් ඇති තීරණ යි. මෑතකාලීන ආර්ථික අර්බුදය අප බලාපොරොත්තු සියල්ල සුන් කර ඇත. අපේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් බලයට පත් වූ දේශපාලන නියෝජිතයන් ගැන විශ්වාසය නැති වී තිබෙනවා. වෙනසක් සිදු විය යුත්තේ සංස්ථාපිතයෙන් පිටතින් බව මම විශ්වාස කරමි.
ඒ නිසයි අප 'සර්වජන බලය පක්ෂය ( සර්වජන බලය පක්ෂය)' නිර්මාණය කළේ. ශ්‍රී ලංකාවට නායකත්වය දීමට අවශ්‍ය මෙවලම් තරුණ සහ ඊළඟ පරපුරේ දේශපාලන නායකයින්ට ලබා දීමෙන් තිරසර දේශපාලන වෙනසක් සාක්ෂාත් කර ගැනීම අපගේ අරමුණයි.
තිරසර වෙනසක් ඇති කිරීමටත්, ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් ගොඩනැගීමටත් ඔබ සැම අප හා එක්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි!
පුද්ගලික තොරතුරු
ඔබේ පරිත්‍යාගය රටේ අනාගතය හැඩගස්වා ගැනීමට උපකාරී වේ